Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(05) නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර අද දින ඔහු ගිලන් රථයකින් අධිකරණය වෙත පැමිණ ඇත.

එම සිද්ධියටම අදාලව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා ද ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

Related posts

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday