Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි තිබේ.

අදාළ වාර්තාව අද වෙළෙඳ අමාත්‍යංශය වෙත යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය ද හිමි වු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර ආශ්‍රිත කර්මාන්තශාලා වෙත පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කරයි.

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙස වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය දා මෙරටට ආනයනය කිරිමට පියවර ගැනිණ.

Related posts

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

colombotoday

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday