Colombo Today Local News

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ කහ සහ ගංජා තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මන්නාරම, එරුක්කුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (21)දින මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වෙසක් සතිය අහෝසියි…

colombotoday

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වෙයි

colombotoday

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday