Colombo Today Local News

ගෝඨාට එරෙහිව ඇමරිකාවේදී පැවරූ නඩුව විභාග කිරීම අවලංගු කරයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය විසින් ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර ඇත.

මෙම නඩුව විභාග කරන්නේද එසේත් නැත්නම් එය නිෂ්ප‍්‍රභ කරන්නේද යන්න ගැන අධිකරණය ගන්නා තීරණය පිළිබඳව බලාපොරොත්තුව සිටින බව ඇමරිකාවේ සී. ජේ. ඒ. සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.

තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකිවයුතු බව දක්වමින් අහිම්සා වික‍්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනුකර ඇත.

ඊයේ (7දා) මෙම නඩුව විභාගයට ගැනීමට පෙර අහිම්සා වෙනුවෙන් පෙනීසිටි සිබොවොයිස් පිල්ම්ස්මන් සමාගමේ නීතිවේදිවරු තමන් වාචික කරුණු ඉදිරිපත් කරන බව පවසා තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිය ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගැනීම නිසා තවදුරටත් ඔහුට එරෙහිව එම නඩුව ගෙනයා හැකිද යන්න ගැන කැලිපෝනියා අධිකරණය ඉදිරි දින කීපය තුළදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම නඩුව ගොනු කළ අහිම්සා ඇමරිකාවේ පුරවැසියෙකි.

Divaina

Related posts

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

අලුත් විවස්ථාව සම්මත කරන්න සජිත් දිනවන්න – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

colombotoday