Colombo Today Local News

ගුරුකන්දට අමුතු නීතියක්, විහාරයේ ආරක්ෂාවට සවිකළ CCTV මුලතිව් පොලිසිය ගලවා දමයි !

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා  පරිදි  විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.

එහිදි  තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසා සිටියේ ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකටයුක්තකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලීසියේ කට්ටියක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා. වහාම හයි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තියෙන්නේ යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසා සිටියේ තමන්ටද පන්සල් භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබා දී විහාරයේ සි.සි.ටිවි කැමරා ගලවා දැමීමට කටයුතු කරන ලෙසටත් එය අධිකරණ නියෝගයක් බවටත් පැවසු බවත්ය.

නමුත් ගුරුකන්ද විහාරයේ සියලු නඩු වව්නියාව මහාධිකරණයෙන් අවසන් කිරිමත් සමග කුමන අධිකරණ නියෝගයක් යටතේ සී.සී.ටිවි ඉවත් කිරීමට පොලීසියෙන් නියෝග කර සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් මීට පෙරද පන්සල් භූමියේ සී.සී.ටිවි සවි කළ  අවස්ථාවේදී ගලවා දැමුණු  අතර පන්සල් භූමිය තුළ සිදුවන සත්‍ය රටට පෙන්වීම සඳහා පන්සල් ආවාසය තුළ සී.සී.ටිවි සවි කල අවස්ථාවේදී මෙලෙසින් ඉවත් කිරිමට පොලීසිය කටයුතු කිරිම දැඩි අසාධාරණයක් මෙන්ම කනගාටුවට කරුණක් බවටත්ය.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

Admin

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin