Business

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.

ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බාරකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

Related posts

මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

පෙබරවාරි මෙරට උද්ධමනය 17.5ට නගී

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday