Business

මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වන එස්.ආර්. ආටිගල සහ එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු ඔක්තෝබර් මස 31දා සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර තිබේ.

නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එස්.ආර්. ආටිගල මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපති ධුරය හෙබවූ අතර, මුදල් අමාත්‍යාංශය වෙත මුදා හරින ලදුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. ආටිගල මහතා 2018 ඔක්තෝබර් 31දා සිට භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද පත්කර තිබේ.

අටිගල මහතා එක්සත් රාජධානියේ, වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිලිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ඇත.

නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න

එච්.ඒ. කරුණාරතන මහතා මහ බැංකු සේවයෙහි වසර 32කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ මහ බැංකුව විසින් ඉටු කරනු ලබන අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳව විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. කරුණාරත්න මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සේවක අර්ථසාධක අරමුදල් අවදානම් කළමනාකරණ සහ ලේකම් දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටුයතු කළ අතර, මූල්‍ය බුද්ධ ඒකකයේ පරිපාලන කටුයතුද අධීක්ෂණය කළේය. මීට අමතරව, කරුණාරත්න මහතා පසුගිය වසර 4කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර, මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ, මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද අවදානම් පිරික්සුම් කමිටුවේ හා ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්ති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය.

කරුණාරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ විශ් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පළිබඳ ශාස්ත්‍රපති උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ද දරයි.

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday