Colombo Today Local News

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ත්‍රිවිධ හමුදාව, ආපදා කළමණාකරන අංශ හා අනෙකුත් පාර්ශව සම්බන්ධ කරගනිමින් එම කාර්ය සාධක බලකාය පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වාරිමාර්ග අමාත්‍යාංශය සහ එම ආයතනවල ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ග්‍රාම නිලධාරි වසම් 14,000ක් ආවරණය වන පරිදි එක් ගමකට එක් වැවක් බැගින් තෝරා පිළිසකර කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

Related posts

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

ලෝක වෙළඳපො‍ළේ තෙල් මිල තවත් පහලට.. සහනය ජනතාවට නෑ.. අලුත් මිල සූත්‍රයත් තවම නෑ

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday