Colombo Today Local News

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

අද උදෑසන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමක දී මැදවච්චියේ සිට ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවයන් 37 දෙනෙකු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර අදහස් දැක් වූ මිහිතලය පොලිසියේ ස්ථානාධිපති කේ.ඩී .ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, මෙසේ ප්‍රවාහනය කළ ගවයන් අක්කරේපත්තුව,අකුරණ හා ගම්පහ යක්කල ප්‍රදේශ වලට මස් සඳහා විකිනීමට සුදානම් කර ඇති බවයි.

මෙම මෙහෙයුම සඳහා ස්ථානාධිපතිතුමා ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත නිළධාරී පිරිසක් සහභාගී වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරයි.

Related posts

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කළා – විග්නේශ්වරන්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්‌

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin