Covid 19

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (31)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, තවත් නිලධාරීන් 300ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

මේ වනවිට පොලිස් නිලධාරීන් 78 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඒ වගේම 300කට අධික පිරිසක් නිරෝධායන කඳවුරුවලට යවලා තිබෙනවා. මීට අමතරව 1800ක පමණ පිරිසක් කඳවුරුවල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. මේ මත්ස්‍ය වෙළෙඳපොළේ පොකුරත් සමග පොලිස් භෝජනාගාර පාලකවරුන් එම ස්ථානවලට යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.”

Related posts

ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 697ක් – කොළඹින් 357 යි

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

PCR ප්‍රතිඵලයට පෙර සේවයට ඇවිත්.. ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වැසෙයි.

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

තවත් කොවිඩ් මරණ 28ක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday