Covid 19

කොරෝනා ආසාදිතයින් ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම අයකු දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි, නවතම අධ්‍යනයක් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් කළ මෙම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි.

මේ හමුවේ ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කොරෝනා ආසාදනය වීමෙන් පසු එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රමවේද විමසීමට කඩිනමින් යොමුවිය යුතු බව ද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර අමෙරිකාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව , නොබෝ දිනකින් ලක්ෂ දෙක ඉක්මවනු ඇතැයි, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ එබැවින් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රට වසා දැමීමට සිදුවනු ඇති බවයි.

චීනය වැනි රටවලට සාපේක්ෂව කොරෝනා මර්දනය අතින් අමෙරිකාව පසුගාමී බවද අමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

එබැවින් මේ සඳහා පෙර සුදානමක් තිබිය යුතු බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩන් සඳහන් කලේ එළඹෙන ශීත කාලය හමුවේ තවත් අඳුරු පරිච්ජේදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඉකුත් දින කිහිපය තුළ අමෙරිකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම අනතුරු ඇඟවීමට හේතුවිය.

Related posts

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

කොළඹින් ගිහින් බද්දේගමට කොවිඩ් බෙදලා.

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday