Colombo Today Local News

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

koththu
රටේ සැම ප්‍රදේශයකම කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බොහෝ ආහාර නිෂ්පාදනය සඳහා MSG (Monosodium glutamate (MSG, also known as sodium glutamate)) භාවිතය සිදු කරන බවත්, එහිදී කිසිදු පාලනයකින් තොරව MSG ආහාර වලට එකතු  කෙරේ. මෙය රට තුල බෝ නොවෙන රෝග වැඩි වීමට මුලික හේතුවක් බව සැලකේ. MSG ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් ජනප්‍රිය අජිනෝ මොටෝ යන වෙළඳ නාමයෙනි.  රටේ දරුවන්ගේ සෞඛ්‍යයට මෙලෙස කිසිදු පාලනයකින් තොරව MSG එක කිරීම භයානක තත්වයක් ඇති කරන බව වෛද්‍ය මතයයි.
ලංකාවේ ආහාර පනතට (http://www.health.gov.lk/en/FOODWEB/files/regulations/Flavouring-2013/1795_51%20(S)[1].pdf)  අනුව කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බොහෝ ආහාර නිෂ්පාදනය සඳහා MSG (Monosodium glutamate (MSG, also known as sodium glutamate)) භාවිතය තහනම් කොට හෝ සීමා කර ඇති වුවද මෙසේ රට පුරා ප්‍රසිද්ධියේ කිසිදු පාලනයකින් තොරව MSG ආහාර වලට එක් කිරීම සිදු වීම හා  පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් සභා , නගර සභා හා ප්‍රාදේශීය සභා මේ ගැන නිහඬ වීමත්. පාර්ලිමේන්තු මන්ත්‍රී වරු නිහඩ වීමත් කනගාටුදායක බවHealthyNet  ජාලය පවසයි. විශේෂයෙන්  පාරිභෝගික අධිකාරියේ වැටලීම අංශය මේ පිලිබඳ නිහඩ වීම පිටුපස MSG ආනයනය කරනු ලබන සමාගම් සිටින බව පිලිබඳ සැකයක් ඇති බව HealthyNet  ජාලය පවසයි

Related posts

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ හොයන ජනපති කොමිසම පත්කෙරේ.. ජනපති ගැසට් පත්‍රයට අත්සන් තබයි

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

පොලිස් ලොක්කාගේ බිරිඳට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday