Colombo Today Local News

කොටි රූකඩ වලට නටන්න ඉඩ දෙන්නෑ.. ජනතාවගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි හූල්ට ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි.

ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත් නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

“ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” වැඩසටහනේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. උඩුගම්පළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී රැස්වීම ඊයේ (07)දිනයේ පැවැත්විණි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.

“අපි මේ මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් හදන්න ජනතා සහාය ඉල්ලනවා. අපි ව්‍යවස්ථා සංශෝධනයකට යනවා නම් අනිවාර්යෙන් ම අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි.

සමගි ජන බලවේගය, එජාප, දෙමළ සන්ධානය, ජවිපෙ, මුස්ලිම් අන්තවාදීන්, ශ්‍රීලනිලයේ සමහරු එකතු වෙලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන කරපු සෙල්ලම් අපි දැක්කා. හාමුදුරුවරු හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා.

සමලිංගික පණත ගේන්න හැදුවා. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා බෞද්ධ ආගමට තියෙන තැන නැති කරන්න හැදුවා. පාස්කු ප්‍රහාරය සිදු වුණාම පාර්ලිමේන්තුවේ කමිටුවක් දාලා වැරදිකරුවන්ට දඩුවම් දීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කළා. මහ බැංකු හොරුන් ආරක්ෂා කළා.

එය ලංකා ගණුදෙණුව හරහා හොරකම් කළා. එහෙම ජරා දේශපාලනයක් පහුගිය යහපාලන ආණ්ඩුව කළේ. නමට යහපාලන වුණාට රටට වින කරපු ආණ්ඩුවක් ඒක. යහපාලනයට මුවා වෙලා රටට ඔවුන් කරපු විනාශය නිවැරිදි කරන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අත්‍යවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරලා රටට හිතකර ව්‍යවස්ථාවක් ගේන්න.

එදා පාර්ලිමේන්තුවට 19 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා ස්වාධීන කොමිෂම් සභා පත් කරලා කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්. මොකක්ද වුණේ. ස්වාධින කොමිෂම් සභා ස්වාධීන ද? මැතිවරණ කොමිසමේ එක සාමාජිකයෙක් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියනවා.

මේ හූල්ගේ ඉතිහාසය හොයන්න දෙමළ සන්ධානයට සම්බන්ධ වෙලා කොටි හිතවාදීන්ට උදව් කරමින් කටයුතු කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට උවමනාව තියෙන්නේ රාජපක්ෂලාව පරාජය කරන්න. එතුමාට දේශපාලනය කරන්න ඕනේ නම් කරුණාකරලා තනතුරෙන් එළියට බැහැලා දේශපාලනය කරන්න.

කොමිසමේ ආවරණය අරගෙන ඔය විදිහට කටයුතු කරන්න එපා. රටේ ජනතාව තරහ ගැන්වුවොත් කොතනින් කෙළවර වෙයි ද දන්නේ නෑ.

ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපායැ‘යි මා හූල්ට කියනවා. මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දෙස අප බලා සිටිනවා. තවදුරටත් හූල් වැනි කොටි රූකඩ වලට නටන්න ඉඩදෙන්න මේ රටේ ජනතාව සුදානම් නෑ.”

Related posts

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday