Colombo Today Local News

කොටි ඩයස්පොරාවේ 40ක් ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේ…. ලක් රජය සමුළුව වර්ජනය කරයි…

ශී‍්‍ර ලංකා රජය 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.

   ඒ වෙනුවට ජිනීවා නිත්‍ය නියෝජිත ඒ. අසීස්ට ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට උපදෙස් දී තිබේ.

   රටවල් පහක්‌ විසින් මාර්තු 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන එන අලුත්ම ජිනීවා යෝජනාව යටතේ ශ්‍රී ලංකා රජයට වගවීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තව වසර 2 ක්‌ කල් දෙන ලෙස ඉල්ලීමක්‌ කෙරේ.

   මෙවර කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් 40 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන අතර කොටි සංවිධාන 17 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගත් වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ.

   ඔවුන් ඉදිරිපත් කළ අලුත්ම වාර්තාව වන්නේ 2009 දී හමුදාවට ළදරුවන් ඇතුළු ළමුන් 25 ක්‌ භාරදුන් බවයි.

   මේ අතර ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට කළ නියෝගය ද ඉටු කර නැත.

Divaina

Related posts

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday

වෙන්නප්පුව ප්‍රදේශයේදී STF මෙහෙයුමකින් කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday