Colombo Today Local News

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

කළුතර බන්ධනාගාර තාප්පයට ඉහළින් හෙරොයින් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එහිදී එම සැකකරුවන් දෙදෙනා සතුව තිබි ජංගම දුරකතන 2ක්, චාජර් 2ක්, හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 500ක් සහ දුම්කොළ 19ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 730ක් සොයාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා අද (15)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙන ඒම මේ වන විට පාලනය කර ඇති බවය.

එමෙන්ම, බන්ධනාගාර තාප්ප වලින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරතුළට විසි කිරිම මේ වන විට නිලධාරින් මුහුණ දෙන විශාලම අභීයෝගය බව ඔහු පවසයි.

එම ක්‍රියාවන් වැලැක්විම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළීවෙලක් ක්‍රියාවට නංවා ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

Related posts

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

colombotoday

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday