Uncategorized

කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමන අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ ද ඔහු ඇමරිකාවේ මානව හිමිකම් න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කළ යුතු බවට ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන බව දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු සහකාර ලේකම් ඇලික් වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

 ඇමරිකානු මානව හිමිකම් න්‍යායපත‍්‍රයට අනුව හමුදාපති ධුරයෙන් ලූතිනන් ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වා ඉවත් කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශ්වසනීය අධිකරණ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට නව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද වේල්ස් මහත්මිය ප‍්‍රකාශ කර තිබේ.

 ඇය මෙම කරුණු දක්වා ඇත්තේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුව හමුවේය.

 මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකු වන රොබට් වෙස්ට්රෝ මහතා ද විදේශ සබඳතා කමිටුවේ හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ ශ‍්‍රී ලංකා රජය යුද හමුදාපති ධුරයට ශවේන්‍ද්‍ර සිල්වා පත් කිරීම මගින් ජිනීවා මානව හිමිකම් යෝජනාව උල්ලංඝනය කර ඇති බවය.

දිවයින – කීර්ති වර්ණකුලසූරිය

Related posts

අපේක්ෂකයන් 8 දෙනෙකු ජනපති සටනට ඇප තියයි !

colombotoday

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

colombotoday

“මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – කැපිළි කෙටිලි මැද සජිත් කියයි

colombotoday

රාජිතගේ සුදු වෑන් නළුවෙකුගේ වතගොත එළියට… නම ගිය බැංකු කොල්ලකරුවෙක්… කෝටි තුනහමාරක රත්තරං කොල්ලයකටත් සම්බන්ධයි !

colombotoday

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

Myanmar to host tourism expo at the end of 2018

colombotoday