Colombo Today Local NewsCovid 19

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

කෝවිඞ් 19 ආසාදනය වූ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණ  යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් වශයෙන් හඳුනාගත් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට  යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
 
කොරෝනා ආසාදනය වූ තිදෙනා රත්නපුර දේවාලේගාව, කුරුවිට නඩුකාරදෙණිය සහ ඇහැලියගොඩ තොරණගොඩ පදිංචිකරුවෝ වෙති.
 
එම පුද්ගලයන් ඇසුරු කළ ආරක්‍ෂක අංශවල සේවය නියුතු බලංගොඩ, කොළොන්න, උඩවලව ප්‍රදේශවල  තිදෙනකු සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ  පුද්ගලයන් දෙදෙනකු පීසීආර් පරීක්‍ෂණ සහ සුදුසු නිරෝධාන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර ඇතිබවත් සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
 
ආසාදිත තිදෙනාගේ පවුල්වල සාමාජිකයන් සහ එම තිදෙනා ඇසුරුකළ අය, නිවෙස්වල නිරෝධායනයට යොමුකළ පිරිස අතර සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එමතිදෙනාගෙන් අයෙකු මෑත දිනයකදී රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ සීවලී මධ්‍ය විද්‍යාලයේ යන පාසල්වල කාර්යාලයන්ට පැමිණි බවත් සෞඛ්‍ය අංශ වෙත වාර්තාවී ඇති බැවින් එම පාසල්වල කාර්යාලයන්හි එදින සිටි ගුරුවරුන් සහ අනධ්‍යයන සේවක පිරිසත් නිවෙස් තුළ නිරෝධානයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා තවදුරටත් කියාසිටියේය.

Related posts

ගෙවුණු දිනයේ හදුනා ගත් ⁣කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday