World

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව දක්වන නවතම ප්‍රතිචාරය ලෙස, ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ සිට පකිස්ථානයට ජලය ගලා යන ඉන්දු නදිය නව බැම්මක් ආධාරයෙන් වෙනතකට හැරවීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා (14) කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සාමාජිකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු – පකිස්ථාන සබඳතා මේවනවිට පළුදු වෙමින් තිබේ.

ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද පසුගියදා අනතුරු අඟවනු ලැබුවේය. ඛාන් මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසින්ය. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ සෞදි රජකුමරු තම රටෙහි සංචාරයක නිරතවීම හේතුවෙන්, තමන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පමා වූ බවයි.

පුල්වාමා ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායි -ස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානය විසින් බාරගනු ලැබීය.

Related posts

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !

colombotoday