World

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කාබුල් නුවර දී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් උප ජනාධිපති අම්රුල්ලා සලෙයි හට ඉන් කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උප ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.

Related posts

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday