World

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,800 කට අධිකය.

වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මේ වන විට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න වේ.

මේ වන විට අමෙරිකාවෙන් ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන අතර එය 398,000 ඉක්මවා ඇත.

ලොව පුරා මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවා තිබේ.

කෙසේ වෙතත් වෛරසය මහා පරිමාණයෙන් පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරය සති 11 ක් වසා දැමීමෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගනු ලැබීය.

මීට පෙර කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 1,344 ක් වූ අතර එය අප්‍රේල් 4 වැනිදා වාර්තා විය.

මේ අතර අමෙරිකානු ගායක සහ ගීත රචක ජෝන්  ප්‍රයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ තහවුරු කළහ.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ බිරිඳට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ නමුත් පසුව ඇය සුවය ලැබීය.

රෝග ලක්ෂණ හේතුවෙන් ජෝන් ප්‍රයින් පසුගිය මාසයේ රෝහල් ගත කළ අතර පසුව ශ්‍රවණ ආධාරක යන්ත්‍රයක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගැණින .

Related posts

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin