World

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

තමන් දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව උත්සවයක් සංවිධානය කර ඇත. එහිදී ඔවුන්ගේ දරුවන්ගෙන් බොහොමයකගේ දේහ ලක්ෂණ එක හා සමාන බව සමරිසි දෙමාපියන්ට දක්නට ලැබී ඇත. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වලින් දෙමාපියන් විමසීමක් කර තිබේ. එහිදී මෙම පුද්ගලයා ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු තෑගිභෝග ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් තෑගිභෝග ලබා ගැනීම අපරාධමය වරදක් වන අතර ඒ සඳහා වසර 15 කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැක. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් ඕස්ට්‍රේලියානු බලධාරීන් හෙළි කර නොමැත.

Related posts

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වෙයි

colombotoday

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday