GossipWorld

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

සමාජ ශාලාවල රජු ලෙස සැළකෙන පීටර් ස්ටි‍්‍රන්ග්ෆෙලෝව් මියගොස් තිබේ.

පිළිකා රෝගයෙන් පීඩාවිදි ඔහු අද පෙරවරුවේ මියයන විට 77 වැනි වියෙහි පසුවිය.

60 වසරක් තිස්සේ පවත්වාගෙන ආ සමාජ ශාලා ව්‍යාපාරයෙන් ඔහු අතිශය සාර්ථක වූ ධනවතෙකි.

සල්ලාල ජීවිතයක් ගත කළ ඔහුට වැළදී තිබූ පිළිකා රෝගය වසන් කිරීමට ඔහු මියයන තෙක්ම උත්සහ දැරූ අයෙක් බව එරට වාර්තා සදහන් කරයි.

ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්, මියාමි ආදී බොහෝ තැන්වල ඔහුගේ රාත‍්‍රි සමාජ ශාලා බොහොමයක් අධික ආදායම් උපයමින් කි‍්‍රයාත්මක වෙයි.

ඔහු මියයන විට ජීවිතය ගත කර ඇත්තේ 36 හැවිරිදි බිරිද සමගයි.

පීටර් වයස අවුරුදු 13දී පාසලෙන් ඉවත් වන අතර ඉන් පසුව ඔහුට සිරගත වීමට සිදුවෙයි. පසුව ඔහු සමාජ ශාලාවක් පිහිටුවීමේ මූලික අඩිතාලම දමා ඇත.

පීටර් සිය ජීවිත කාලය පුරාම සමාජ ශාලා තුළ රාජකාරි කරන නාටිකාංගනාවන්ට මුළුමනින්ම නිරුවත් වීමට බලපෑම් කළ පුද්ගලයෙක් බවත් සමාජ ශාලාවල සේවය කළ සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වී ඇති බවත් පැවසේ.

පීටර් මියයන තෙක්ම නිතර හිසකේ හා ඇදුම් විලාසිතා කරන අයකු බවට ද ප‍්‍රසිද්ධය.

Related posts

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday