Colombo Today Local News

“අහසින් එහා” අරන් හරීන් එයි..

විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතයි විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (8) හාලිඇලදී පැවසීය.

මෙම වැඩපිළිවෙළ යටතේ අහසින් එහා සිටින දෙමාපියන් අන්තර් ජාලය ඔස්සේ මෙරට සිටින දූ දරුවන්ට සම්බන්ධ කිරීමට කටයුතු කරන අතර   විදේශගත වන සෑම පුද්ගලයකු සඳහාම නොමිලේ සිම්පතක් ලබාදී රෝමින් හරහා දෙමාපියන් සහ දරුවන් සම්බන්ධ කරන බවද පැවසීය.

මේ අනුව ළඟදීම විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිළධාරීන් මේ සඳහා ගිවිසුම් අත්සන් කරන අතර මෙමගින් විදේශවල සිටින දෙමාපියන් හා මෙරට සිටින දූ දරුවන් අතර අන්තර් සබදතා ගොඩනැගීම තුළින් ගැටලූ අවම වී හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි බවද පැවසීය.

Related posts

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday