Colombo Today Local News

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

පසුගියදා දිගන, තෙල්දෙණිය සහ අවට ප්‍රදේශවල සිදුවූ සිදුවීම්වලට ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

අනුර කුමාර දිසානායක මහතා අකුරණ ජනතාව හමුවී ප්‍රහාරයකට ලක්වූ මුල්ලේගම විහාරයේ විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය.

පසුගියදා සිදුවූ සිදුවීම් යම් ප්‍රමාණයකට සමනය වෙමින් තිබුණත් ඕනෑම මොහොතක මෙය යළි පුපුරා යන්න පුළුවන්. ඒ තරම් ප්‍රමාණයකට අප රටේ ජාතිවාදය උත්සන්න වී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර බෙදීම තීව්‍ර කර තිබෙනවා. ඒ නිසා මෙය දැනට සමනය වුවත් යළි මේ ගින්න පුපුරා යන්න පුළුවන්. ජාතිවාදයට එරෙහිව ජාතික සමඟිය වෙනුවෙන් ප්‍රබල හඬක් නංවන්න අප කටයුතු කරනවා. ජාතිවාදය හුදෙකලා ලෙස පැනනැඟුණු දෙයක් නොවෙයි. මේ ජාතිවාදය පෝෂණය කර ආරක්ෂා කරන්නේ දේශපාලනයයි. ඒ නිසා ජාතිවාදය දේශපාලනය නම් ඒ ජාතිවාදී දේශපාලනයට එරෙහිව ජාතික සමඟියේ දේශපාලනය මේ රට තුළ ජයග්‍රහණය කිරීමට දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප මැදිහත් වනවා. සිංහල, දෙමළ සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු විය යුතුව තිබෙනවා. ඔවුන්ගේ සමඟිය ආරක්ෂා විය යුතුව තිබෙනවා.

සෑම දෙනාගේ සාධාරණ අයිතීන් පිළිගත යුතුව තිබෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම ජාතිවාදය පරාජය කිරීමට සහ ජාතික සමඟියේ දේශපාලනය මේ රට තුළ නියත වශයෙන් ජයග්‍රහණය කිරීම සඳහා අප මැදිහත් වන බවට සහතික වනවා. පසුගිය කාලය පුරා බලය ආරක්ෂා කරගන්න ජාතිවාදය පෝෂණය කළා. බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදය පෝෂණය කළා. ඒ ජාතිවාදය කොතරම් උග්‍රවූවාද කිවහොත් පසුගිය තිස් වසරක යුද්ධයකට අප ඇද දැමුවා.

ඒ බලය ලබා ගැනීම සඳහා සහ ලබාගත් බලය ආරක්ෂා කර ගැනීමට වැපිරූ දේශපාලනයයි. ඒ නිසා ඉතා පැහැදිලිව මේ දේශපාලනය පිටුපස ජාතිවාදය තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වී තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වෙනුවට සිංහල ජනයා මුස්ලිම් ජනතාවට එරෙහිවත් මුස්ලිම් ජනයා දෙමළ ජනතාවට එරෙහිවත් කෙටවීමේ දේශපාලනයක් අද තියෙන්නේ. එය ඔවුන්ගේ දේශපාලනයයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය මේ සියලු ජාතීන් ඒකරාශී කර ඒ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ දේශපාලනයයි.

අප ළඟ තියෙන්නේ ජාතිවාදයට එරෙහි වන ජාතික සමඟිය ඇති කරන දේශපාලනයයි. ඒ නිසා අප ජාතික සමඟිය ඇති කරන ප්‍රබලම දේශපාලනය බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පත්කරනවා. සියලු ජාතීන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි තත්ත්වයන් ඇති කරන්න කටයුතු කරන්න කියලා. මේ වන විට ගෙන යන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙය වළක්වා ගන්න ආණ්ඩුවට හැකියාව තිබුණා.

පොලිසියට, බුද්ධි අංශවලට ඕනතරම් අවශ්‍යතා තිබුණා මේ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගන්න. එවන් පූර්ව අවබෝධයක් ලබාගැනීමට තිබියදීත් ඒවා පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රචණ්ඩක්‍රියා සිද්ධ වන්න ඉඩ හැර පසුව මැදිහත් වීමකුයි තිබුණෙ.

Related posts

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩොලරයේ අද මිල

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin