Colombo Today Local News

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තිබූ විශ්වාසය නැතිවී ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකදී ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මේ බෝම්බ පිපිරීම නිසා අත්තවශයෙන්ම රටේ දේශපාලන තත්ත්වයත් කැළැඹීමකට ලක්වුණා. ඒක අපි පිළිගන්න ඕන. ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා.

ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා.

නමුත් මේ යන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය යම් දුරකට රඳවා තබා ගන්න අපිට අවස්ථාව ලැබුණා. දෙමටගොඩට ගිහින් රාත්‍රී 9.00 වෙන්න ඉස්සේල්ලා පළමු කණ්ඩායම අල්ලගත්තා.

එදා ගත්ත ඒ පියවර නිසා දැන් වෙනකොට ඒ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි නම් කවුරුවත් ආරක්ෂා කරන්න යන්නේ නෑ. ඇමතිවරුවත් මන්ත්‍රීවරුවත් කවුරුවත්.

මොකක් හරි තොරතුරක් තිබෙනවානම් පාර්ලිමේන්තුවේ විවාදයට ගිහින දෙන්න. ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. හංගන්න කවුරුවත් නෑ. දැනගන්න දේ අරගන්න අපි ලෑස්තියි ඒ අනුව ක්‍රියා කරන්න”

Related posts

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday