Colombo Today Local News

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණයි ඉල්ලීම්වලට ඇහුන්කන් දුන්නා නම් රට මැයි මාසයේ විවෘත කරන්න තිබුණා-රනිල්

කොවිඩ් – 19 වෛරසය මර්දනය සඳහා තමන් ලබාදුන් යෝජනා රජය ක්‍රියාත්මක කළේ නම් මැයි මාසය අවසන් වන විට රට යථා තත්ත්වයට පත්කිරීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, කොරෝනා වසංගතය ආරම්භ වු විට පරීක්ෂණ 5000 ක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලු බවයි.

මාර්තු 24 වන දින මෙරට ආසාදිතයින් 102 ක් ලෙස බවත් අද වන විට අද අසාදිතයින් 1814 ක් ව ඇති බවත් මරණ 11 සිදුව ඇති බවත් පැවසු ඒ මහතා, ආණ්ඩුව ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බවද පැවසීය.

පෙබරවාරි 18 වන දින සිට පරීක්ෂණ 75239 ක් සිදු කර ඇති බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, එය දිනකට 690 ක් වැනි සංඛ්‍යාවක් බවද කියා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ආසාදිතයින් 1800 ඉක්මවා ඇතැයි ද පැවසු වික්‍රමසිංහ මහතා පරීක්ෂණ නිසි ලෙස සිදු කරේ නම් ආසාදිතයින් ගණන 500 කට සීමා කළ හැකිව තිබු බවද පැවසීය.

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණක් බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් හා චීනයෙන් දුන් ආධාර ලබා ගත් බවත් කියා සිටියේය.

ලෝක බැංකුව ඩොලර් මිලියන 230 ක ආධාර ලබා දුන් බවත් එයට සිදුවු දේ රටට හෙළි කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

Related posts

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

colombotoday

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday