Colombo Today Local News

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24)දින භාර වී තිබේ.

ඔහු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (22)දින වරෙන්තු නිකුත් කෙරුණි.

ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී ඇති අතර ඔහු හෙට (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (24)දින අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

මෙම පෙත්සම අද කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වෙත පෙන්වා දී සිටියේ දැනට ගොනුකර තිබෙන සංශෝධිත පෙත්සම වෙනුවට නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බවය.

ඒ අනුව නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එය ලබන සඳුදා (27)දින සළකා බලන බව ද නිවේදනය කළේය.

Related posts

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

උපාධි පාඨමාලා සඳහා රජයෙන් පොලී රහිත ණයක්

colombotoday

මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම් නිසා සිරස FM නාලිකා ප්‍රධානියා තනතුරට පයින් ගසා ගෙදර යයි

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයි

Admin