Colombo Today Local NewsTop Stories

අල්-කුරානයේ ප්‍රචණ්ඩකාරී කොටස් ඉවත් කරන්න – හිටපු මුස්ලිම්වරු උලමා සංවිධානයෙන් ඉල්ලයි


ඉස්ලාමීය නායකයන් හා ජමියතුල් උලමා සංවිධානය ඉස්ලාමීය පොත්වල සහ අල්-කුර්ආනයේ අඩංගු ප්‍රචණ්ඩකාරී කොටස් දේශනා කිරීම නැවත්වීමට හා වහාම එම කොටස් ඉවත් කිරීමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ සාමකාමීත්වය සහ සහජීවනය සහතික කිරීම සඳහා මෙවැනි ප්‍රචණ්ඩකාරී, යල් පැන ගිය දේශනා ශ්‍රී ලංකාවේදී උගන්වනු නොලැබිය යුතු බව එම සංවිධානය අවධාරණය කර සිටින අතර මෙම පියවර ගනු නොලැබුවහොත් ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වැලැක්වීම හා ඉස්ලාමීය අන්තවාදය මුලුනුපුටා දැමීම දුෂ්කර කාර්යයක් වනු ඇති බව සඳහන් කර සිටිනවා.

“අපි ඉස්ලාම් ආගම තවතුරටත් විශ්වාස නොකලත්, තවමත් අපි එම සමාජයේ කොටසක් වන නිසා, ප්‍රචණ්ඩකාරී, යල් පැන ගිය දේශනාවලට හා මිථ්‍යාවන්ට ගොදුරු නොවී, වර්තමාන යථාර්ථයන් සමග ඉදිරියට ගමන් කිරීමට කටයුතු කරන ලෙස” ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.

“මාවනැල්ල සිදුවීම් නැවත වරක් මේ රටේ ඉස්ලාමීය අන්තවාදය පවතින බවට ඔප්පු කර ඇති අතර එබැවින් හිටපු මුස්ලිම්වරුන් ලෙස අපේ ආරක්ෂාව විශේෂයෙන්ම මුස්ලිම් ජනාකීර්ණ ප්‍රදේශවල විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබේ.” යැයි සඳහන් කර සිටින ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය අද පත්වූ නිලධාරී මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව සලකා සමුහා පින්තූරවල මුහුණු බොඳ කර මාධ්‍යයට නිකුත්කර ඇත.

Related posts

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

colombotoday

බැදුම්කර මගඩි චෝදනාවෙන් එජාපය නිදහස්.. අපි දැමූ “ෆුට් නෝට්“ නිවැරදියි – අජිත් පී. පෙරේරා

colombotoday