Colombo Today Local News

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන තුරු මහමග අරගල කරන බවත්, ඒ සඳහා අද උදෑසන 10.00ට කොල්ලුපිටියට එකතුවන ලෙස හැට තුන්ලක්ෂයක් වූ යහපාලනය සඳහා ඡන්දය දුන් ජනතාවට ආරාධනා කරන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසා සිටියහ.

‘ඇයි බය ? පාර්ලිමේන්තුව කැඳවන්න’  යන පාඨය යටතේ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන්,

“අද ආරංචි වුණා මහින්ද රාජපක්ෂ හොර අගමැති විදිහට අගමැති ධුරයේ වැඩ බාර ගත්තා කියලා. ඒ කියන්නේ කලින් කලිසම අදින්න කලිනුයි ජංගිය ඇන්දේ. දැන් අද කලිසමට උඩින් ජංගිය ඇඳලා. ඒ කියන්නේ 113ක් පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ නැතිව වැඩබාරගෙන. හෙට ඉඳන් එළියට එන්න වෙලා තියෙන්නේ කලිසම උඩින් ජංගිය ඇන්දා වගේයි.

අමුතුම වැඩක් මේ කරලා තියෙන්නේ. අපි ජනතාවට කියන්නේ මේක පාර්ලිමේන්තුවෙන් විසඳන්න ඕන. ඉන් එහා වෙන ක්‍රමයක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්න කියන තෙරපුම අපිට පාරේ කරගෙන යන්න වෙලා තියෙනවා. අපිට මහපාරේ අරගලය කරන්න තියෙන්නේ. ඒ නිසා  අඟහරුවාදා කොල්ලුපිටියට එන්න. ඇවිත් ජනවාරි 8 එක්ස්ටෙන්ෂන්එක අපිට තියෙනවා. අපි යන්න ගියේ සාමකාමීව. මෛත්‍රීපාල සිරිසේන අපිව වෙනස් පැත්තකට හරවලා. ඔබ ආරම්භ කළා නම් අපි එය අවසන් කරනවා.

අපි ජනවාරි 08 තමුසේ වගේ දෙකයි පනහේ කොන්ද නැති ජනාධිපතිවරයෙක් එක්ක නොවෙයි හැප්පුනේ. ඊට වඩා මොනවා වුණත් මහින්ද රාජපක්ෂ කුපාඩිවලිනුත් අංක එක. හොරකමිනුත් අංක එක. මැරකමිනුත් අංක එක. ඒ හැකියාව මහින්ද රාජපක්ෂට තිබ්බා. ඒ තිබුණු සියලු බල සහිත ඔහුව අපිට ජනවාරි 08 වැනිදා ගෙදර යවන්න පුළුවන් වුණා. අපි එහෙම කිරීමේ අත්දැකීමෙන් පෝෂණය වුණු මිනිස්සු.

ඒනිසා ප්‍රමාද නොවී පාර්ලිමේන්තුව කැඳවන්න. සොරි කියලා, සමාවෙන්න කියලා වහාම කථානායකට යොමු කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක. එහෙම නොවන තාක්කල් , පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති තාක්කල් අපි අරගලය පාරේ කරනවාමයි. අරගලය නවත්වන්නේ පාර්ලිමේන්තුව කැඳවීම දක්වා යන මාර්ගයේයි.” යනුවෙන් ප්‍රකාශ කළාය.

 

Related posts

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

ලාංකික සරණාගතයින්ගෙන් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කර‍යි

Admin

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

Admin

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday