Colombo Today Local News

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිලධාරියා විසින් සිය කාර්යාලය තුළදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙත සහාධිපත්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් එහි නියාමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා විසින් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව එම මුදල ලබා ගන්නා අවස්ථාවේ දී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

අත්අඩංගුවට ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියාමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

colombotoday

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

colombotoday

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

colombotoday

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday