Colombo Today Local NewsNew Constitution

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් ලබන අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, නව ව්‍යවස්තාව ජනමතවිචාරණයකින් සම්මත කරගැනීම සදහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘පුරවැසි බලය‘ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ට දන්වා ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරිම සදහා කැපවූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් පිරිසක් සමග පසුගිය ජූලි 21 වනදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදි අගමැතිවරයා මේ බව දැනුම් දුන්නේය.

මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද රටේ සාකච්ඡාවකට භාජනය කර අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පසු ජනමතවිචාරණයකට යොමුකර බවත් සදහන් කළ අගමැතිවරයා ජනමතවිචාරණය ජය ගැනීම සදහා සූදානම් වන්නැයිද ප්‍රකාශ කර තිබේ.

විවිධ පාර්ශව වලින් එන විරෝධතා එතරම් ගණන් නොගත යුතු බව ප්‍රකාශ කර ඇති අගමැතිවරයා ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පුරවැසි බලය ඇතුළු සංවිධාන වෙනුවෙන් තමන් නිරතුරුවම පෙනී සිටින බවද සහතික වී ඇත.

මෙම සාකච්ඡාව සදහා, දඹර අමිල හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, නිමල්කා ප්‍රනාන්දු, කේ.ඩබ්. ජනරංජන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 20 දෙනෙකු පමණ සහභාගී වී ඇත.

නව ව්‍යවස්ථාවට ජනාතා කැමැත්ත ලබා ගැනීම සදහා ‘පුරවැසි බලය‘ විසින් මේ වන විටත් රට පුරා සම්මන්ත්‍රණ මාළාවක් ආරම්භ කර ඇති අතර, ඒ සදහා දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටන, ආරක්ෂක හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සදහා දෙමළ ඩයස්පොරාව සමග එක්ව කටයුතු කරන පිරිස්ද පෙරමුණ ගෙන කටයුතු කිරීම විශේෂිතය.

 

 

Related posts

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

colombotoday

සජිත් ප්‍රේමදාස අයතා ලෙස බාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

colombotoday