Colombo Today Local NewsfeaturedTop Stories

අභිරහස් මිල සුත්‍රයෙන්, පෙබරවාරි දක්වා තෙල් මිල ඉහළට !

මෙම වසර අවසාන වන තෙක් මෙන්ම ලබන වසරේද පෙබරවාරි මාසය වන තෙක් අඛණ්ඩව මාසයක් පාසා තෙල් මිල ඉහළ යෑම සිදුවන බවට ආණ්ඩුව විසින් මේ වන විට ඉඟි පළ කරමින් තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය නවවැනි දින පැවති මාධ්‍ය හමුවකදී සහ පසුගිය දහවැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලබන වසරේ පෙබරවාරි මාසය වනතෙක් ලෝක තෙල් මිල අඩු නොවන බවයි.

එසේම පසුගිය දහවැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එළැඹෙන නොවැම්බර් මාසයේදී ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 90 දක්වා ඉහළ යා හැකි බවත්, එළැඹෙන ශීත සමයේ බොර තෙල් භාවිතය සීග්‍රයෙන් ඉහළ යාමට හැකියාව ඇතත් ඉරානයට ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොර තෙල් ඉල්ලුම සපුරාලීමේ හැකියාව පිළිබඳව ගැටළුවක් පවතින බවත්ය.

ඉන්දන මිල සූත්‍රය:

පසුගියදා වැඩි වූ තෙල් මිල අනුව ලංකා තෙල් සංස්ථාවේ පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 155 ක්ද, පෙට්‍රල් 95 ලීටරයක මිල රු. 169 ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 123 ක්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රු. 141 ක්ද වේ. එසේම ලංකා ඉන්දියානු තෙල් සමාගමට අනුව පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 155 ක්ද, පෙට්‍රල් 95 ලීටරයක මිල රු.172 ක්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 129 ක්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රු. 141 ක්ද ලෙස වේ.

මෙම තත්වය මත මෙම වසර අවසාන වීමට පෙර පෙට්‍රල් ලීටරයක මිල රු.200 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ලෝක තෙල් මිල ඉහළ යාම මත ආණ්ඩුව මෙරට තෙල් මිල ඉහළ දැමුවද ඉන්ධන මත පනවා ඇති බදු අඩු කළ හොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 88 ක මිලකටත්, ඩීසල් ලීටරයක් රුපියල් 103 ක මිලකටත් ලබාදිය හැකි බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

ආණ්ඩුව මිල සූත්‍රයක් අනුව මාසයක් පාසා ඉන්ධන මිල ඉහල දැමුවද එම මිල සූත්‍රය, මෙතෙක් ජනතාවට හෙළි කර නොමැති අතර එය තමන්ටද නොතේරෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබිණ.

Related posts

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin