Colombo Today Local News

‘අපි උඹව ඉක්මනටම මරනවා’ අන්තවාදීන්ගෙන් ජනපතිට මර්ණ තර්ජන…

ත‍්‍රස්තවාදයේ බීජය මෙරට ඇතිය තිබෙන්නේ දැනට වසර 15කට පමණ පෙර බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නමුත් 2013-2015 සිට මෙහි වර්ධනයක් ඇතිව තිබෙන බවත ඒ මහතා කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රීලනිප මැයි දින සැමරුම අමතමිනි.

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු තමන් දිනකට පැය 05ක්වත් නිදා නොගත් බවත් ආරක්‍ෂක අංශ සමගින් සාකච්චා ආදිය පැවැත්වූ බවත් ISIS සංවිධානය ගැන හැදෑරු බවත් ඒ මහතා සදහන් කලේය.

මෙරටට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්දයෙන් අපේ‍්‍රල් 04 වැනිදා වන විට පොලිස්පතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් වී සිටියද ඔවුන් තමන් දැනුවත් කිරීමට කටයුතු නොකල බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මෙම ඛේදවාචකය වලක්වා ගැනීමට ඔවුන් දෙදෙනාට හැකියාව තිබූ නමුත් එම වගකීම ඔවුනතින් සිදු වී නැතැයිද ජනාධිපතියරයා චෝදනා කලේය.

වසර 30ක එල්ටීටීඊ සංවිධානය සහ ගෝලීය ISIS ත‍්‍රස්තවාදය කිසිසේත් ම එක සේ සමාන නොවන බව ද කී ජනාධිපතිවරයා ISIS ත්‍රස්ත සංවිධානය අතිශය බලවත් බව ද සඳහන් කළේය.

කිසිසේත්ම විදෙස් හමුදාවක් මෙරටට ගෙන ඒමට අවශ්‍ය නැති බවත් ඒ සඳහා තමන් ඉඩ නොදෙන බවත් මෙරට හමුදාවන්ට මෙම ත්‍රස්තවාදය මැඩලීම සඳහා අවශ්‍ය සම්පූර්ණ හැකියාව ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් තමන් මෙම ත්‍රස්තවාදය අවසන් කරන බව ජාතිය හමුවේ පොරොන්දු වෙන බවක් තමන් පස් වරක් මරණයට ගොස් ආපසු පැමිණි පුද්ගලයෙක් නිසා මරණයට කිසිසේත්ම කැමැති බව ද ජනාධිපතිවරයා කීය.

‘ලංකාවේ ජනාධිපති ගේ මරණය ඉක්මන් අපි උඹව ඉක්මනටම මරනවා’ යැයි අන්තවාදී සංවිධාන විසින් සමාජ ජාලාවන්හි තමනට තර්ජනය කර ඇති බවත් තමන් ඒ කිසිවකට බය නොවී ත්‍රස්තවාදය සහමුලින්ම වනසා දමන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්‍ෂ 10ක්

colombotoday

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday