Colombo Today Local News

අන්තවාදීන් රොත්තම හංස වේදිකාවේ… දෙවන මනාපය සජිත්ට දෙන්නැයි හිස්බුල්ලා කියයි (Video)

ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට පළමු මනාප දී දෙවැනි මනාපය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කළ බව පැවසෙන වීඩියෝවක් සමාජ ජාලාවල ප්‍රචාරය වෙමින් පවතී.

තහ මැතිවරණ සලකුණ වන ඔටුවා ඉදිරියෙන් ‘1’ ඉලක්කම යොදා සජිත් ප්‍රේමදාස මහතාගේ ලකුණ වන හංසයා ඉදිරියෙන් ‘2’ ඉලක්කමක් යොදමින් ඔහුට දෙවැනි මනාපය ලබාදෙන්නැයි ජනාධිපතිවරණය සදහා පැවති ජනහමුවක් අමතමින් හිටපු ආණ්ඩුකාර වරයා එහිදී ඉල්ලා සිටී.

හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවයා පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ප්‍රධානතම මුස්ලිම් දේශපාලකයෙකි. පසුගිය සමයේ මෙරට සිංහල හා මධ්‍යස්ථ දමිළ ජනතාව අතර පිළිකුලට භාජනය වූ අනත්වාදී, ජාතිවාදී දේශපාලකයන් සියල්ලම පාහේ මේ වන විට එකම කදවුරකට ගාල් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට ක්‍රියාකරමින් සිටින බව පෙනි යයි.

https://www.facebook.com/smjayakody/videos/10218472824003774/

Related posts

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin