Colombo Today Local News

අද රාත්‍රී 8 සිට සදුදා උදේ 5 තෙක් මුළු දිවයිනටම ඇඳිරිනීතිය

රට පුරා කොරෝනා ව්‍යාප්තවීම පාලනය සදහා ඇදිරිනීතිය පැනවීම සිදුවුණා. එම ඇදිරිනීතිය කඩකරන පුද්ගලයින් නීතියේ රැහැණට හසුකර ගැනීම සිදුවන්නේ ද පවත්නා අවදානම් තත්ත්වයෙන් රට ගලවා ගැනීම සදහායි.

ඒ අනුව ඇදිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුවනවා.

කොළඹ,  ගම්පහ,  කළුතර,  පුත්තලම යන දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරිනිතිය ලබන සඳුදා (27) උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වනවා. කොළඹ,  ගම්පහ,  කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැරුණු විට සෙසු දිස්ත්‍රික්වල ද ඇඳිරිනීතිය අද (24) රාත්‍රී 8 සිට ලබන සදුදා (27) අලුයම 5 තෙක් ක්‍රියාත්මකයි. ඒ අනුව සැළකීමේ දී අද රාත්‍රී 8 සිට ලබන 27 වන සදුදා අලුයම 5 දක්වා දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක වනවා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති කොන්දේසි හා උපදෙස් ඒ අයුරින්ම පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

හෝමාගම සහ ගොඩගමින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 1,198ක් අත්අඩංගුවට

colombotoday

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday