Colombo Today Local News

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) අත්අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක අත්‍යවශ්‍ය සේවා යන දැන්වීම සවි කරගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෙම මොටර් රථය පොලිසිය පරීක්ෂා කර තිබේ.

එම මෝටර් රථයේ කිසිදු අත්‍යවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටිනු හඳුනා ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව  මෙම සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත අතර  මේ සඳහා යොදා ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

Related posts

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin