Colombo Today Local News

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

පසුගියදා මීගමුව සාන්ත මැතිව් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මානව හිමිකම් සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් රජයේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙකු වන මංගල සමරවීර විසින් කර ඇති අශෝභන ප්‍රකාය තමා දැඩි පිලිකුලෙන් හෙළා දකින බව එකසත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළදී කැදවූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

වසර සියගණනක් පුරා අප රට තුල ජිවත් වන සහෝදර කතෝලික ජනය නියෝජනය කරනු ලබන්නේ ලෝකයට සමයේ පණිවුඩය රැගෙන ආ සමයේ කුමාර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන අතර කිසි දිනක වුන් රටේ සමයට බාදාවක් වී නැත. මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියාදීමට බටහිර ජාතීන් උත්සාහ දරන බවය. මිට රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ජනමාධ්‍ය හා මුදල් ඇමති වරයාය ඔහු ඊට දක්වා ඇති ප්‍රතිචාරය අප කිසිවෙකුට හෝ පිළිගැනීමට නොහැක්කකි.

ඇමතිවරයා ඊට ප්‍රතිචාර ලෙස අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බව සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශකොට තිබේ වැඩි දුරටත් ඇමතිවරයා කතෝලික ආගම පිලි නොගත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයන්ට දෙතිස් වද දී මරා දැමීමට කතෝලික සභාව විසින් 12 වැනි සියවසේදී යොදා ගන්නා ලද Inquisition හැඳින්වුනු භීෂණකාරී තත්වයක් ගැනද ප්‍රකාශකොට තිබේ.

වෙනත් ආගම් වලට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධයත් ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසා ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

මෙය ලංකාව හා ලෝකය පුරා ජීවත්වෙන සමස්ත කතෝලික ජනය වෙත කරන ලද අපහාසයක් ලෙස මා දකිනවා ඒ වගේම ලෝකයේ කාලයෙන් කාලයට විවිධ හේතු නිසා යුද්ධ ඇතිවෙන්න පුළුවන් නමුත් ඊට ආහම වගකිව යුතුයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ඒ කාලවල රට රට වල ඉන්න පාලකයන් ගන්නා තීනදු මත යුද්ධ ඇතිවෙන්න පුළුවන් එකී සියල්ල කතෝලික ආගමක් නිසා ඇති වුනු බව අපි කොහොමද කියන්නේ යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා

ආණ්ඩුව මේ වෙනකොට රටේ තිබෙන සියලු ආගමික පිලිගනිම්වලට පහර දෙමින් ඉන්නවා පුරාවස්තු විනාශ කරමින් යනවා මහා සංඝයා වහන්සේට අපහස කරමින් යනවා නිරාගමික මෝස්තරයක් හදාගෙන ආණ්ඩුව මේ කොයි යන්නේ කියල මට තේරුම් ගන්න බැහැ සංඝයා වහන්සේලා සිර කරනවා රණවිරුවන් දඩයම් කරනවා මේ ආණ්ඩුවට ආගමක් නැ ධර්මයක් නැ සදාචාරයක් නැ හොරකමේ කෙලවරක් නැහැ මංගල සමරවීරලා මුල්වෙලා ගෙන්න හදපු සමලිංගික පනත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිට විසිකරන්න වුනේ ආගමික නායකයන්ගෙන් ආපු දැඩි විරෝධය නිසා ඒකට කාදිනල් තුමා ප්‍රසිධියේම තමන්ගේ විරෝධය පෙන්නුම් කරා මේ ආණ්ඩුව දැන් මේ කරන්නේ ඒ දක්වපු විරෝධයට උත්තර දෙන එක සමලින්ගිකයෝ බහුතරයක් ඉන්න ආණ්ඩුවකින් අපිට මිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ

මානව හිමිකම් හොදින්ම තිබෙන ආගම් සියල්ලම ලංකාවේ තිබෙනවා ඒ නිසා බොරු මානව හිමිකමක් පිට දමාගෙන ආණ්ඩුව හා සමරවීර ඇමතිවරයා මෙසේ ආගමික නායකයන්ට අපහස කරමින් මේ රටේ ජීවත්වෙන සහෝදර කතෝලික ජනය කලකිරෙන ප්‍රකාශ නිකුත් කිරීම අපි දැඩි පිළිකුලෙන් හෙළ දකින බව අපි පක්ෂයක් විදියට කියන්න කැමති. යනුවෙන් සදහන් කළේය

කිර්ති දුනුවිල
ප්‍රචාරක ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Related posts

තොපිලට හෙන ගහනවා. මත්ද්‍රව්‍ය චෝදනා නෑ. ඝාතනය කල සහෝදරයා ගැන ඩෑන් හඩා වැටෙයි

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday