Colombo Today Local News

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

පසුගිය දා කොළඹ 07, නිදහස් මාවතේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරනලද කතාව අංශ කිහිපයකින් සමාජයේ කතාබහට ලක්ව තිබේ. එක් අතකින් රටේ විධායක ජනාධිපතිවරයා විසින් තමාත් නොදන්නා දේ තම නමින් නීතියක් බවටපත්වීම පිළිබදව දේශනා කරයි. එපමණක් නොව තමන්ට මේ උත්සව සභාවට කිසිදු ආරාධනයත් නොතිබූ හෙයින්, තවත් අතකින් තමන් ඒ මොහොතේත් සහභාගී වී සිටින උත්සව සභාවට තමා පැමිණ
මෙලෙස ජනතාව අමතන්නේ අනාරාධිතයෙක් ලෙස බව පවසයි.

මේ කතා අසා සිටින තතු දත්තෝ පවසන්නේ, එක්කෝ ජනාධිපතිවරයා හිතාමතාම ගජබින්න හෙවත් කෙප්ප පවසන බවයි. නැතහොත් කවරෙක් විසින් හෝ ජනාධිපතිවරයා අන්ද මන්ද කරවන බවයි. හෝ ජනාධිපතිවරයා යම් ව්‍යාධියකින් පෙළෙන බවයි. යනුවෙනි.

මෙය මෙසේ සිදුවන්නට ආසන්නම හා පිළිගත හැකි සාක්ෂියක් තිබේ. එනම්, ජනාධිපතිවරයා අනාරාධිතව සහභාගී වී කතා කරන උත්සව සභාව සංවිධානය කරන කමිටුවේ ලේකම් ලෙස නම සදහන් වන්නේ පාලිත ළිහිණිය කුමාර ගේය. පාලිත ළිහිණිය කුමාර යනු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ද වැටුප් ලැබූ, පුද්ගලයෙකි. එමෙන්ම දූෂණ විරෝධී පෙරමුණ නම් රාජ්‍ය නොවන සංවිධානයෙන් ද වැටුප් ලැබූ පුද්ගලයෙකි.

මීට වසර 8 කට පෙර අඩිතාලම වැටුණු සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයට 2013 වසර පමණ වනවිට කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ ආශීර්වාදය හිමිවෙද්දී, ඒ ව්‍යාපාරය හා කරූ ජයසූරිය මහතා අතර පණිවුඩ හුවමාරුව පවත්වාගෙන ගිය පුද්ගලයා ද වන්නේ මේ කියන, පාලිත ළිහිණිය කුමාර ය.

පාලිත ළිහිණිය කුමාරට තවත් ඉතිහාසයක් ද තිබේ. ඔහු හිටපු එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ව්‍යාජ අධ්‍යාපන සහතිකපත් හුටපටයක් සම්බන්ධව සමාජයේ කතාබහට ලක්වූවෙකි.

පාලිත ළිහිණිය කුමාර දැන් සේවය කරනුයේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාර්යාලයට අනුබද්ධව ය. ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ‘පුරවැසි අත්වැල’ නම් ව්‍යාපෘතියේ ය. පුරවැසි අත්වැල වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක හා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනුයේ ද මේ පාලිත ළිහිණිය කුමාර ය.

එසේම, මේ පාලිත ළිහිණිය කුමාර, ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටින අතර තුර, කිසිවෙකුටත් නොදන්වා, ඔස්ට්‍රේලියාව බලා පියාසර කළ බවට චෝදනාවක් ද පසුගිය දා මාධයයන් හි පළවීය.

එසේ වන, ජනාධිපති ලේකම් කාර්යාලයේම වැටුප්ලබන සේවකයෙක් වන පාලිත ළිහිණිය කුමාර, තම ස්වාමියා වන රටේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොදන්වා මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කර ඇත්නම් ඒ ගැන කවර කතා ද ? (සෝභිත හිමි ගුණ සමරුවට පාලිත ළිහිණිය කුමාර ගේ අත්සනින් යුතුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ද සහභාගීවන බව දන්වා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද ලිපියේ පිටපතක් මේ සමග ඇති බව කරුණාවෙන් සලකන්න.)

තවද, මේ අවස්ථාව හා සම්බන්ධ බොහෝ කටයුතුවලදී ජනාධිපති හා අගමැති ගේ නම් සදහන් බවටද මතයක් පවතී. කෙසේ වෙතත්, මේ සිදුවීම්වලින් හා ජනාධිපතිවරයාගේ කතාවේ පරස්පරයන් රැසක් පවතින බව පැහැදිලිය. රටේ වැදගත් සිදුවීම් අරබයා සමාජගත කරන බොරුව තවදුරටත් වලංගු නොවනු පිණිස කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම වන බැවින් මේ පිළිබදව අපි අපගේ පාඨකයින් දැනුම්වත් කරමු.

ජනිත් විපුලගුණ – emedia.lk

[fbvideo link=”https://www.facebook.com/lankaenews/videos/1890429111022245/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි…

colombotoday

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

colombotoday

මුස්ලිම් ජාතීන්ට පමණක් සිරි සැප ගෙනෙන හිස්බුල්ලාගේ ‘අපේ සිහිනය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී !

colombotoday

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

මැදිරිගිරියේ අලියා දණින් වැටේ.. එජාප ප්‍රාදේශීය බලකණු බුරුතු පිටින් පොහෝට්ටුවට එකතු වේ !

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday