Colombo Today Local News

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

ශ‍්‍රී ලංකා සුපිරි පන්දුයවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සිය 300 වැනි එක්දින කඩුල්ල ලබාගත් පසු එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කරනු ඇති බවට සමාජ ජාලා වෙඩ් අබවි ගණනාවක් වාර්තා කරයි.

කාලයක් පිතිකරුවො මාලිංගගේ බෝල වලින් කකුල කඩා ගන්නෙ නැතුව බේරගන්න පට්ටම ගේමක් දුන්නා. හැබැයි කකුල බේර ගත්තට, විකට් එක නම් පූජා කරන්න වුණා. මාලිංගගේ බෝල වලට Wicket නෙවෙයි Bat පවා කැඩිලා ගියපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වටේම රසිකයො පිස්සුවෙන් වගේ මාලිංගට ආදරය කරන්නෙ ඔහුගේ දක්ෂතා නිසා.

මාලිංග මේ වෙද්දි එක්දින තරගවල Wicket 299 ක් ලබා ගෙන තියෙනවා. අද ඉතා විශ්වාසවන්ත ආරංචිය මාර්ගයකින් සියත 24 වෙත ලැබුණ ආරංචිය තමයි මාලි 300 වෙනි කඩුල්ල ලබා ගත්ත ගමන් එක්දින පිටිනුත් ඔහු සමුගන්නවා කියන එක. එකපාරටම අදහාගන්න බැරි වුනත් මේ තරගාවලියෙන් පස්සේ ලසිත් මාලිංගව එක් දින පිටියේදී අපට දකින්න ලැබෙන්නේ නෑ. තව එක Wicket එකක් ගත්තොත් මාලිංග ගේ කඩුලු 300 සම්පුර්ණ වෙනවා. ඒ සැනින් එක දින පිටිය සමුගන්නලු මාලිංග හිතාගෙන ඉන්නේ. එහෙම වුනොත් ඉන්දියාව එක්ක තියෙන හතරවෙනි හරි පස්වෙනි හරි තරගයේදී කඩුල්ලක් දවා ගත්ත ගමන් මාලිංග විශ්‍රාම ගැනීම නිවේදනය කරයි. අපිට තියෙන්නෙ ඉතිං බලන් විතරයි. කොහොම වුණත් ලංකාවේ තරග දිනවපු මාලිංග කණ්ඩායමට අහිමි වෙන එක නම් කවදාවත් පියවන්න පුළුවන් පාඩුවක් නම් නෙවෙයි.

එක්දින තරග 202 කට සෙල්ලම් කරපු මාලිංග ලෝක වාර්තා රැසක්ම තියලා තියෙනවා. ලෝකයේ එකපිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා අපේ මාලි. ඒ විතරක් නෙවෙයි මාලිංග විතරයි තාම එක්දින තරග වලදී Hat-trick 3 ක් අරගෙන තියෙන්නෙ. ඒ අතරින් දෙකක්ම ලෝක කුසලාන වලදී ලබා ගත්තේ. එහෙව් දස්කම් කරපු මාලිංගට සමහරු බැන්නා, සල්ලි වලට සෙල්ලම් කරනවා කියලා. ලංකාවේ මීඩියා වලිනුත් පැය ගණන් Air Time වෙන් කරගෙන මඩ ගැහුවා.

හැබැයි මාලිංග හැමදාම හිතුවෙ රට ගැන. එකට හොදම උදාහරණයක් ඊයෙත් අපි දැක්කා. Match එක පැරදීගෙන එනකොට ලංකාවේ ප්‍රේක්ෂකයෝ පිට්ටනියට වතුර බෝතල් වලින් ගැහුවා. ඒ වෙලාවේ Match එක ටික වෙලාවකට නැවැත්තුවා. ක්‍රීඩාගාරයට ගිය මාලිංග කෝලිගේ කරට අත දාගෙන මොන මොනවදෝ කතා කරනවා TV එකෙන් ඔබ දකින්න ඇති. හැබැයි මාලිංග කෝලිට ඒ වෙලේ කිව්වෙ මොනවද කියලා අපි හොයා ගත්තා. “ප්‍රේක්ෂකයෝ විරෝධය දක්වන්නෙ ඔයාලටවත්, ඉන්දියාවටවත් නෙවෙයි. අපි පහුගිය ටිකේ එක දිගට පැරදුන නිසා ඒ දුක දරා ගන්න බැරුව තමයි අපේ අය මෙහෙම හැසිරෙන්නෙ. ඔයාලා ඒවා ගණන් ගන්න එපා. ප්‍රේක්ෂකයෝ කෑ ගහන්නෙ අපිට ” මාලිංග කියලා තිබ්බෙ එහෙමයි.

දැන් සමහර විට ඔබ බලාවි එහෙම කිව්වා කියලා ඇති වැඩේ මොකක්ද කියලා. නිකං හරි කෝලි මාධ්‍යට කිව්වොත් “ලංකාවේ අපිට සෙල්ලම් කරන්න බෑ, අපිට ආරක්ෂාව නෑ, ප්‍රේක්ෂකයෝන්ගේ හැසිරීම නරකයි” කියලා ලංකාවේ ක්‍රිකට් එතැනින්ම ඉවරයි. එහෙනම් ලංකාවට වෙන්නෙ පකිස්තානයට වුන එකේ අනිත් එක. ආයෙ කිසිම කණ්ඩායමක් ලංකාවට Match ගහන්න එන එකක් නෑ. ලංකාවේ අයට වෙන්නෙ TV එක ඉස්සරහට වෙලා හූල්ල හූල්ල ඉන්න. අනේ දෙවියනේ අපි කරගත්ත දේ කියලා. හැබැයි වාසනාවට අපිට මාලිංග හිටියා. ඔහු කරපු බුද්ධිමත් දේ නිසා ලංකාවෙ ක්‍රිකට් ආරක්ෂා වුණා. එක කාටවත් නෑ කියන්න බෑ.

ඔය එක අවස්ථාවක් විතරයි. එළියට නොපෙනුනාට ඕනෑ තරම් දේවල් මාලිංග ලංකාවේ ක්‍රිකට් වලට කරලා තියෙනවා. මාලිංග මේ තරගාවලියෙන් පස්සෙ එක්දින පිටියෙනුත් සමු ගනීවි. හැබැයි ඔහු T20 Match සෙල්ලම් කරනවා. මාලිංගට බැනපු, හොද කියපු හැමෝටම මාලිංග නැති අඩුව නම් තදින්ම දැනේවි. වැලේ වැල් නැතුව ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මාලිංග නැති වුනාම මොනවයින් මොනවා වෙයිද කියල දෙයියෝ තමයි දන්නෙ.

Related posts

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

colombotoday

වතු කම්කරුවන්ට සහය දක්වා, යාපනේ, මඩකලපුවේ උද්ඝෝෂණ.. TNAත් සහයට එයි

colombotoday

ගල්කිස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති ත් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday