Colombo Today Local News

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08)දිඅ යළි නොතීසි නිකුත් කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණි.

මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ගොනුකරන ලෙස එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට මීට පෙර නඩු දිනයේ දී නොතීසි නිකුත් කර තිබුණද ඔහු හෝ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අද අධිකරණයේ පෙනී නොසිටියේය.

ඒ අනුව විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කරන්නේද? යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාට මේ මස 29 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ.

Related posts

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

“වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මිනිස්සු හිනාවෙනව“ ජනපතිගෙන් නැවතත් බයිපාස් ප්‍රහාරයක්

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday