Colombo Today Local News

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු අද (30)දින වාර්තා වීමත් සමඟ අකුරණ කොට්ඨාසයේ පිහිටි සියලුම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය උපදෙස් දුන්නාය.

විහාරස්ථානවල පැවැත්වීමට නියමිත කඨිණ පිංකම් සම්බන්ධයෙන් ශාසනාරක්ෂක බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණය කිරීමත් ඇතුළුව වැදගත් තීරණ කිහිපයක් ගෙන ඇති බවද අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

විදෙස්ගත වීම සඳහා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයක් අනුව මෙම පුද්ගලයා ආසාදිත බවට වාර්තා වී ඇති බවත් ඉන් පසුව එම පුද්ගලයා ඇතුළු පවුලේ 6දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල අද 30 වනදා ලබා ගත් බවත් රජයේ ආයතනයකින් කරනු ලබන එම වාර්තා ලැබෙන තුරු ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

මේ සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමන්, පොලිස් ස්ථානාධිපතිතුමන්, ජමියතුල් උලමා සභාව වෙළද සංමය ඇතුළු ආයතනවල සහාය ලැබෙන බවත් අබේසිංහ මහත්මිය සඳහන් කළාය.

කොවිඩ්- 19 ආසාදිතයෙකු වාර්තා වූ බව දැන ගත් විගස මහජනතාව කලබල වීම දක්නට ලබබුණත් එසේ කලබල විය යුතු නැති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමන්ගේ නිවෙස්තුලම රැදෙමින් රාජ්‍ය නිලධාරින්ට ඉදිරි වැඩ කටයුතු සිදුකරගන යන්නට මහජනාවගේ උපරිම සහාය ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

මෙහිදී අදහස් දැක්වූ අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා සඳහන් කළේ අකුරණ කොට්ඨාසයෙන් මේ වන විට කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති බවත් පළමු වටයේදී ද මධ්‍යම පළාතේ පළමු රෝගියා අකුරණ ප්‍රදේශයේ වාර්තා වූ බවත්, සමඟමේ සම්බන්ධයෙන් අකුරණ ජනතාවට වැඩි අත්දැකීම් තිබෙන බැවින් මෙයට වගකීමෙන් මුහුණ දීමට හැකියාව පවතින බවත්ය.

Related posts

අන්තර්ජාල නිදහස සීමා කරන්නේ වංචාවෙන්, දූෂණයෙන් පිරීගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජ්‍යයන්.. ලංකාවත් අද ඒ තැනට වැටිලා !!

colombotoday

ප්‍රභාකරන් වීරයෙකු යැයි කියන විජයකලාට තරුණ මන්ත්‍රීවරයෙකුගෙන් රිදෙන්න පිළිතුරු

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin