Colombo Today Local News

හිටපු ජනපතිට තනතුරක් ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (20)දින පස්වරුවේ පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී දයාසිරි ජයසේකර මහතා ඒ බව ප්‍රකාශ කළේය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

නමුත් එවැනි තනතුරක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් දෙවන දා ආගමික වතාවත් සිදුකිරිමට තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday