Colombo Today Local News

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.

ඔවුන් දෙදෙනා යළි ඔක්තෝම්බර් 09 වැනිදා කොප් කමිටුව හමුවට කැඳවීමට නියෝග කරන බව එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මොවුන් දෙදෙනා විදෙස්ගතවී සිටින බවට කෝප් කමිටුවට දන්වා තිබෙන බවත්, සත්‍ය වශයෙන් ඔවුන් විදෙස්ගතව සිටින්නේද කියා සොයාබලා වාර්තාවක් සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම ආශ්‍රිතව සිදුව ඇති මුදල් ගණුදෙනු  සම්බන්ධව කරුණු විමසීම සඳහා කෝප් කමිටුව හමුවට අද දිනයේදී ඔවුන් කැඳවා තිබුණි.

Related posts

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday