Colombo Today Local News

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

හයිලෙවල් මාර්ගයේ, විජයරාම මංසන්ධියේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් සහ තරුණියක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදිය ලංගම බස් රථයක් පසුකර යාමට තැත් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුර ඊයේ පස්වරුවේ සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි හා 22 හැවිරිදි මතුගම හා වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

ගෝඨා ට එරෙහිව එජාපයෙන් තවත් තුරුම්පුවක්… ගෝඨාගේ පුරවැසි සහතිකය ඉල්ලා “යහපාලන පුද් සමාගමේ“ හිමිනමක් උපවාසයට කැදවයි !

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday