Colombo Today Local News

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

මාස 3ක කාලයකට බඩඉරිඟු වගා කිරීම නතර කිරීමේ තීන්දුවෙන් සේනා දළඹුවා මර්දනය කිරීමට නොහැකි බවත් ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ බඩඉරිඟු ආනයනය කරන පෞද්ගලික සමාගම් වෙනුවෙන් බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ත්‍රිපෝෂ සඳහා පමණක් බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 12,500ක් ගෙන ඒමට අවසර ලබා දුන්නද මෙරටට වාර්ෂිකව බඩඉරිඟුවල අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 2,50,000ක් බවද මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙයි. මේ අවශ්‍යතාව සඳහා ඉදිරියේදී විදේශ රටවලින් බඩඉරිඟු ආනයනය කරන විට විශාල විදේශ විනිමයක් වැයවන බවත් මෙමඟින් විශාල වශයෙන් ඉඩඉරිඟු ආනයනය කරනු ලබන පෞද්ගලික සමාගම් ලාභ ලබන බවත් එමඟින් දේශීය බඩඉරිඟු වගාවට ඉමහත් තර්ජනයක් එල්ල වන බවත් අබේවර්ධන මහතා සඳහන් කරයි.

සේනා දළඹුවාගේ ආක්‍රමණය තුළින් විශාලතම ප්‍රතිලාභ ලබන්නේ බඩඉරිඟු ආනයනය සමාගම් නිසා සේනා දළඹුවා මෙරට බඩඉරිඟු වගාව ආක්‍රමණය පිටුපස මෙම සමාගම් එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම සිටින බවට සැකයක් ඇති වීම සාධාරණ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරටට ආනයනය කරනු ලබන බීජ සඳහා නියමිත නීතිරීති අනුගමනය නොකර බීජහරණය නිසි පරිදි සිදු නොකරනතාක් මෙවැනි තර්ජන දිගින් දිගටම සිදුවීමේ අවදානමක් මතුවී තිබෙන බවද සඳහන් කරන මන්ත්‍රිවරයා මීට පෙර පැවැති ආණ්ඩුව කාලයේදී තමා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටියදී ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි ආනයනය කළ පෞද්ගලික සමාගමකට ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු සිදුකළ බවත් එම සමාගම විසින් ගොවීන්ට රුපියල් මිලියන 400ක වන්දි මුදලක් ගෙවූ බවද ප්‍රකාශ කළේය.

Related posts

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් අරඹන්නට ජනපතිගෙන් උපදෙස්

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

ඉස්ලාම් වහාබ්වාදය සහ සංහිදියාව.. ඥාණසාර හිමි සමග ඉරාජ් කළ ආන්දෝලනාත්මක කතා බහ (Video)

colombotoday

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

Admin

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday