Colombo Today Local News

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

යාපනයේ ජනතාව ඉතාම ඉහළින් නිදහස භුක්ති විඳින බවත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා යුද හමුදාවෙන් උපරිම සහය ලබා දෙන බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ජාතික නිදහස් දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ හා තවත් ස්ථානවල පිරිසක් නිදහසක් නැති බව කියමින් විරෝධතා දැක්වීම පිළිබඳව තොරතුරු විමසූ අවස්ථාවේදී දර්ශන හෙට්ටිආරච්චි මහතා එසේ පැවසීය.

යාපනයේ හා කිළිනොච්චියේ සුළු පිරිසක් නිදහස නොමැති බව කියා සිටියත් බහුතරයක් වූ දෙමළ ජනතාව මුළු උතුරු ප‍්‍රදේශයේම ජීවත් වන්නේ ඉතාම සතුටෙන් හා නිදහසෙන් යුතුව බවද ඔහු කියා සිටියේය.

යුද හමුදාව මේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන්ම කටයුතු කරන අතර ඔවුන්ගේ ජන ජීවිතයේ උන්නතිය සඳහා විශාල වැඩ කොටසක් කරන බවද කියා සිටියේය.

විශේෂයෙන්ම යාපනයේ වැසියන්ගේ සියලුම ආගමික උත්සවවලදී ඔවුන් සමග එක්ව යුද හමුදාව කටයුතු කිරීමත්, පාසල් ඇතුළු පොදු ස්ථාන ඉතා අලංකාරව පවත්වාගෙන යෑමට උදව් කිරීමත් යුද හමුදාව විසින් කරන බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඊට අමතරව දිළිඳු පවුල් සොයා ඔවුන්ට නිවාස ඉදිකොට දීම, පාසල් දරුවන්ට පාපැදි, ඇස් කණ්ණාඩි, පාසල් උපකරණ ආදිය බෙදාදීමටත් යුද හමුදාව දානපතියන්ගේ උදව් උපකාර ඇතිව වැඩ පිළිවෙළවල් රැසක්ම සංවිධානය කොට ඇති බව ද යාපනය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින

Related posts

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

colombotoday

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday