Colombo Today Local News

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

බැදුම්කර මංකොල්ලය හරහා උපයාගත් මුදල් හා දෙමළ ඩයස්පෝරාවෙන් රටට ලැබෙන මුදල් මෙන්ම ඉස්ලාම් හා ක්‍රිස්තියානි අන්තවාදී සංවිධානවලින් රටට ගලා එන මුදල් වලින් අන්‍යාගමිකයින් සිංහල බෞද්ධ ව්‍යපාර මිලදී ගැනීමේ රහසිගත කුමන්ත්‍රණයක නිරත වන බවත් එමගින් සිංහල බෞද්ධ ව්‍යපාර දරුණු අනතුරකට පත්ව ඇති බවත් බොදු බල සේනා මුලස්ථානයේ ඊයේ (31) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසීය.

රටේ ආර්ථික මරමස්ථාන වන මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව වැනි ආයතන වල මුල් පුටු වලට අජාතික,අබෞද්ධ රටේ පුරවැසිභාවයවත් නොමැති පුද්ගලයින් පත් කර ඇති බවත්,මොවුන් ව්‍යාපාරික රහස් අබෞද්ධයන් වෙත ලබා දෙමින් සිංහල බෞද්ධ ව්‍යාපාර බිද වට්ටවා ඒවා මිලදී ගැනීමේ තත්වයකට පත්ව සිටින බැව් උන්වහන්සේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවෙලා බුදුසරණයි යනුවෙන් ලොරියේ සදහන් කර හොර හරක් ඇදීමේ ව්‍යාපාරයක් වැනි ව්‍යපාරයක වත්මන් ආණ්ඩුව නිරත වන බවයි.එවැනි හොර රැලකට අද වන විට රටේ අනාගතව භාර දී ඇති බවත් එමගින් රට විශාල අගාධයකට තල්ලුවෙමින් පවතින බවත් පෙන්වා දෙන ලදි

දැවැන්ත නායකයෙකු යැයි පවසා පත් කර ඇත්තේ රනිල් වැනි පඹයෙකු බවත් ඔහු උග්‍ර දමිළ ජාතිවාදියෙකු බවත් මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙන ලදි. එල්ටීටීඊ සංවිධානය රටේ ජාතික නායකයින් ඝාතනය කර රනිල් වැනි පඹයෙක් ඉතිරි කොට ගිය බව පැවසු උන් වහන්සේ උතුරු පළාතේ කිසිදු රාජ්‍ය ආයතනයක් මධ්‍යම රජයේ උපදෙස් පිළිපදින්නේ නැති තත්වයකට පත්ව ඇති බව පැවසු අතර රට ඉදිරියේදී බරපතල ඛේදජනක තත්වයකට ඉදිරියේ පත්විය හැකි බව පෙන්වා දෙන ලදි.

Related posts

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.

colombotoday