Colombo Today Local News

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් එක්කර ගැනීම මෙම රැස්වීමේදී සිදු කිරීමට නියමිතව තිබේ.

අර්ජුන රණතුංග, සන්දිත් සමරසිංහ, නාලක කොලොන්නේ, පාලිත තෙවරප්පෙරුම යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

කස්තුරි අනුරාධනායක, ශාන්තිනී කෝන්ගහගේ, හස්මි තාසිම්, චානක අයිලප්පෙරුම යන අයට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට නියමිතව තිබේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වැඩිදුරටත් වාර්තාවේ.

Related posts

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday