Colombo Today Local News

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

“සිංහලේ ජාතික සංවිධානය” නමැති ලියාපදිංචියක් නොමැති සංවිධානයක සභාපති ලෙස පෙනී සිටි සාලිය ටී රණවක නැමැත්තා තරුණයින්ට ජපානය ඇතුළු රටවල් කිහිපයක රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාවක නියෙලී සිටින බව තායිලන්තයෙන් වාර්තා වෙනවා.

ජපානයට යවන බව පවසමින් සිංහල තරුණයින් විශාල ප්‍රමාණයක් තායිලන්තය වෙත ගෙනගොස් අතරමං කරදමා ඇති බව එසේ අතරමං වූ තරුණයෙක් Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා.

සාලිය රණවක නැමැත්තා බොදු බල සේනා සංවිධානයේ (ඥානසාර හිමිගේ) බාන්ඩාගාරික ලෙසද ව්‍යාජ ලෙස පෙනී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය අංශයෙන් අප සිදුකල විමසීමකදී සඳහන් කර සිටියේ “සාලිය රණවක” නැමැත්තාට එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Related posts

” පැන්ඩෝරා මෙන්ම පැනමා හෙළිදරව් කර ඇති අය ගැන තරාතිරම නොබලා සොයන්න “

colombotoday

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday