Colombo Today Local News

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇත. එහි විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.

ඒ අනුව මෙම රෝගියා මේ මාසයේ 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි. මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.

පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේ වනවිටත් නොලැබී ඇතිබවත් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday